ගිනිගත් නැවෙන් මෙරට සාගරයට සිදු වූ හානියට ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

by Staff writer 11-06-2021 | 9:56 PM

COLOMBO (News 1st) - ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් මෙරට සාගරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

ඒ පිළිබඳවයි මේ අවධානය… එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නිලධාරීන් පෙන්වා දෙන්නේ, එය මේ වනවිට ස්ථාවර තත්ත්වයේ පසුවන බවයි. නමුත් එහි තිබූ බැර ඉන්ධන ඇතුළු මෙට්‍රික් ටොන් 300 කට අධික තෙල් කුමන තත්ත්වයක පවතින්නේ ද යන්න නොවිසඳුන ගැටලුවකි. ඉන්ධන ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ සංගමය (ITOPF) හා ඕ.එස්.ආර්. ලිමිටඩ් යන සමාගම්වල නිලධාරීන් නෞකාවට නුදුරින් මේ වනවිටත් රැඳී සිටින්නේ නෞකාව හිමි සමාගමේ උපදෙස් අනුවයි. මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට ඇති ප්‍රධානතම ආයතනය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් මීපා ආයතනයයි. නමුත් නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවුහොත් පිළියම් යෙදීම හෝ වන්දි ලබා ගැනීම සඳහා සිදු වූ හානි විද්‍යානුකූලව තක්සේරු කිරීම සඳහා ඔවුන්ගේ මැදිහත්වීම ඵලදායී මට්ටමක ඇත්දැයි දැන් ඇත්තේ ප්‍රශ්නයකි. නැව් සමාගමට අවශ්‍ය පරිදි තක්සේරු කිරීම්වලට ඉඩ නොදී නාවික ක්ෂේත්‍රය පිළිබඳ මනා දැනුමකින් ඇති දෙස් විදෙස් විශේෂඥයින්ගේ ද සහය ඇතිව නිසි තක්සේරු කිරීම් මෙරට ආයතනික යානත්‍රණය හරහා සිදුවිය යුතු බව බොහෝ දෙනාගේ මතයයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා,
මේ වනවිට අපිට තොරතුරු ලැබිලා තියෙනවා පිඇන්අයි ඉන්ෂුරන්ස් කල්බ් කියන ආයතනය මගින් අපේ බලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති බවට මෙම විනාශ වූ නැවට ගොස් සහ ඒ වගේම ඒ අවට පරීක්ෂා කරලා ඒ වගේම අපේ පරිසරය පරීක්ෂා කරලා සිදුවෙච්ච හානිය පිළිබඳව රක්ෂණය මගින් ගෙවන මුදල තීරණය කිරීමට ආදළ ඇස්තමේන්තු ලබාගැනීම. මෙවැනි ප්‍රොටෙක්ෂන් ඇන්ඩ් ඉන්ඩෙම්නිටි ක්ල්බ් කියන මේ රක්ෂණයේ යම් යම් තියෙනවා සීමාවන්. ඒගෙල්ලන්ට නැව රක්ෂණය කරලා තියෙන යම් යම් කරුණු යටතේ තියෙන සීමාවන්ට යටත්ව තමයි වන්දිය තීරණය කිරීම හා ගෙවීම කළ හැක්කේ. එතකොට සමහරවිට අපිට සිදු වෙච්ච සම්පූර්ණ හානිය සඳහා වන්දියක් නොලැබෙන්නට පුළුවන්. ඉතිං ඒ සඳහා අපේ බලධාරීන් වෙනම ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටු පත් කරලා මෙම හානිය එක් එක් ක්ෂේත්‍ර සඳහා වෙන වෙනම ගණන කළ යුතුයි. ඒ නැව් හිමියා සහ ඒජන්තවරයාගෙන් අපිට වෙච්ච අලාභයේ රක්ෂණය මගින් නොගෙවෙන ඉතුරු කොටස ලබාගැනිම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා.
මේ අතර ධීවරයින් පවසන්නේ, සමුද්‍රීය පරිසරයට එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් බපරතල හානි සිදුව ඇති බවයි. ධීවරයින්,
නැවේ සිදුවීමෙන් පස්සේ අපි මුහුදු ගියා. ඒ ගියපු හැම වාරයකම දකින්න ලැබුණේ. කැස්බෑවෝ මැරිලා දියවැල්වල පාවෙනවා. තවත් විවිධ මාළු වර්ග විශේෂයෙන් ඩොල්ෆින් ඒ වගේ මාළු මැරිලා. මොකද උඩ දියේ ඉන්න මාළු. ඒගොල්ලෝ මැරිලා දිය වැල්වල පාවෙනවා. ඒවා තමයි මුහුදු සැර වෙනකොට ගොඩ ගහන්නේ. මෙච්චර කාලෙකට අපි දැකලා නෑ මුහුදේ මේ විදියට මැරෙනවා. මුහුදේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න වැඩපිළිවෙළක් යොදන්න. ගොඩ ගහනකන් බලන් ඉන්න හොඳ නෑ. මුහුද මැද්දේ දියවැල්වල පාවෙනවා. මේවාට කවුද වගකියන්නේ. මේක මහා අපරාධයක්.
ධීවරයින්,
මට වයස අවුරුදු 65ක්. ජීවිතේට දැකලා නෑ කැස්බෑවෝ මෙහෙ මැරිලා ඉන්නවා. අපි කැස්බෑවෝ ගෙනාවොත් දඩ දැක්කා කැස්බෑවෝ පාවෙනවා 10 කට වඩා දැක්කා පෙරේදා
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් අනතුරින් හානියට පත්වූවන්ට අධාර සැපයීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබණේ, මේ සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂයක පරිත්‍යාගයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.