ඉන්දීය ක්‍රිකට් පිල ලබන මස දිවයිනට..

එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..

by Staff writer 11-06-2021 | 9:09 AM

COLOMBO (News 1st) - එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වැනි දා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, තරග කාලසටහන මෙසේය. ? එක්දින තරගාවලිය 01වන තරගය - ජූලි 13 (දිවා/රාත්‍රී) 02වන තරග⁣ය - ජූලි 16 (දිවා/රාත්‍රී) 03වන තරග⁣ය - ජූලි 18 (දිවා/රාත්‍රී) ? පන්දුවාර 20යි 20 තරගාවලිය 01වන තරගය - ජූලි 21 (රාත්‍රී) 02වන තරගය - ජූලි 23 (රාත්‍රී) 03වන තරගය - ජූලි 25 (රාත්‍රී)