අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළට

by Staff writer 11-06-2021 | 10:40 PM

COLOMBO (NEWS1ST) : අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඉන්දන මිල ගණන් මෙලෙස ඉහළ නංවා තිබේ. (ලීටරයක මිල) ඔක්ටේන් 92 රුපියල් 20කින්, ඔක්ටේන් 95 රුපියල් 23කින්, ඔටෝ ඩීසල් රුපියල් 7කින්, සූපර් ඩීසල් රුපියල් 12කින්, භූමිතෙල් රුපියල් 7 කින් මිල ඉහළ දැමූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. මේ අතර CEYPETCO ඉන්ධන මිල වැඩි කිරීමට සමානව තමන්ද අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමන බව ලංකා IOC සමාගම දැනුම් දෙයි.