home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සෞඛ්‍ය සේවක විරෝධය නිසා එන්නත්කරණයත් අඩාල වෙයි
by Staff writer
11-06-2021 | 1:32 PM
COLOMBO (News 1st) - සෞඛ්‍ය වෘත්තිය සමිති 26 ක සාමාජිකයින් රාජකාරිවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක සේවාවලට දැඩි බලපෑම් එල්ල විය.
ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ, දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බවය. සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල්වලට පැමිණි ජනතාව දැඩි පිඩාවට පත්විය. ප්‍රාදේශීය රෝහල් ගණනාවක ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පැමිණි රෝගීන් දැඩි පීඩාවට පත්විය. මේ අතර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබා ගැනීමට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි ජනතාව ද සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී. ඔවුන් පැවසුවේ, අද දිනයේ එන්නත් ලබා නොදෙන බව තමන් එහි ගිය පසු දැනුම් දුන් බවය. රත්මලාන, කොතලාවලපුර එන්නත් දීමේ වැඩසටහන් ද සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩපන වූ බව ජනතාව පැවසීය.
වෙනත් ලිපි
'මහ සිකුරාදා' දිනය අදයි.
කෝටි 25ක 'කුෂ්' ගෙනා පුද්ගලයෙකු රේගු භාරයට...
මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි...
IMF නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි..
පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරයට..
යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මානද යහම්පත්
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය