BREAKING : සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

BREAKING : සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

BREAKING : සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

11 Jun, 2021 | 5:39 pm

COLOMBO (NEWS1ST) :  දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති.

සංචරණ සීමා දිර්ඝ කෙරුණ ද ඇගළුම් වැනි කර්මාන්ත , ඉදිකිරීම් ව්‍යාපෘති හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකියි.

ආර්ථික මධ්‍යස්ථාන දැනුම් දෙන දිනවල විවෘත කළ හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කෘෂි කාර්මික කටයුතු සහ කාබනික පොහොර වැනි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]