යුපුන් අබේකෝන්ට පෙනි පෙනී අහිමි වූ තෙවන ස්ථානය..

යුපුන් අබේකෝන්ට පෙනි පෙනී අහිමි වූ තෙවන ස්ථානය..

යුපුන් අබේකෝන්ට පෙනි පෙනී අහිමි වූ තෙවන ස්ථානය..

කර්තෘ Staff writer

11 Jun, 2021 | 2:04 pm

COLOMBO (News 1st) – ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ ෆ්ලොරන්ස් අදියරේදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර 100 ය පිරිමි ධාවන ඉසව්වේ සිව්වැනි ස්ථානයට පත් විය.

2021 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 3 වැනි අදියර ඉතාලියේ ෆ්ලොරන්ස්හිදී ඊයේ (10) පැවැත්විය.

එහි මීටර 100.පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ද සහභාගී වූ අතර මෙම ඉසව්වේ ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග ඔහු තරග කළේ ය.

එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේ, තත්පර 10යි දශම 0යි 8ක කාලයකින් තරගය අවසන් කළ දකුණු අප්‍රිකාවේ අකානි සිම්බින්.

තත්තපර 10යි දශම 1ක කාලයක් සටහන් කළ බ්‍රිතාන්‍යයේ යූජාහ් චිජින්දු දෙවැනි ස්ථානයට පත් වුණි.

තුන්වැනි ස්ථානය හිමි වුයේ, තත්පර 10යි දශම 1යි 6ක කාලයක් සටහන් කළ බ්‍රිතාන්‍යයේ එමානුවෙල් මැතාඩි ටයි.

මේ අතර එමානුවෙල් මෙන්ම තත්පර 10යි දශම 1යි 6ක කාලයක් සටහන් කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.

ඔහු සිව්වැනි ස්ථානයට පත් වූයේ, තරගය අවසන් කරන ආකාරය දැක්වෙන ඡායා සටහන් නිරීක්ෂණයේ අනතුරුවයි.

මේ අතර මීටර 1500 ධාවන ඉසව්වට එක් වූ නෙදර්ලන්තයේ සිෆාන් හසාන් ප්‍රථම ස්ථානයට පත් වූ අතර ඇය මිනිත්තු 3යි තත්පර 53යි දශම 6යි 3ක කාලයක් සටහන් කළා ය.

පසුගිය සතියේදී මීටර දස දහස කාන්තා ධාවන ඉසව්වේ ලෝක ලෝක වාර්තාව පිහිටුවීමට ඇය සමත් වූ අතර ඉන් දින දෙකකට පසුව එය බිඳ වැටුණි.

මේ අතර මෙම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 1500 කාන්තා දෙවැනි ස්ථානයට පත් වූයේ, කෙන්යාවේ ෆේත් කිප්යෙගොන්.

බ්‍රිතාන්‍යයේ ලෝරා මූර් තුන්වැන්නා ලෙස තරගය අවසන් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]