මොරටුව නගරාධිපති සමන් සමන්ලාල්ට ඇප

මොරටුව නගරාධිපති සමන් සමන්ලාල්ට ඇප

මොරටුව නගරාධිපති සමන් සමන්ලාල්ට ඇප

කර්තෘ Sagarika Chathumali

11 Jun, 2021 | 1:43 pm

COLOMBO (NEWS1ST) : රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ.

මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව
රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් හා රුපියල් විසිදහසක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස සැකකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා කල් තැබී ය.

‍පසුගිය මැයි 28 වන දා මොරටුව නගරාධිපතිවරයා අත්අඩංගුවට පත් වූයේ, මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරියක ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර නගරාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඇති ග්‍රාමීය කමිටුව නිකුත් කළ ටෝකන් පතට එන්නත් ලබාදෙන ලෙස වෛද්‍යවරුන්ට බල කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහි සිටි වෛද්‍යවරුන් ඊට එකඟ නොවූ අතර එහිදී නගරාධිපතිවරයා ඒහිදී කියා සිටියේ, එන්නත් ලබා නොදෙන්නේ නම්, පිටව යන ලෙසයි.

මෙම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කර තිබූ අතර පසුව ඔහු පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ.

එම අවස්ථාවේ සිදුවූ සිද්ධියේ දර්ශන පහතින්….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]