පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස කුලියාපිටියෙන්..

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස කුලියාපිටියෙන්..

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ වැඩිම පිරිස කුලියාපිටියෙන්..

කර්තෘ Hashini De Mel

11 Jun, 2021 | 9:15 am

COLOMBO (News 1st) – නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,038 ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 29,015 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (10) අත්අඩංගුවට ගත් 1,038 දෙනාගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුලියාපිටිය ප්‍රදේශයෙනි.

එම පිරිස 133 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රත්නපුරයෙන් 125ක් හා මාතර ප්‍රදේශයෙන් 89 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මීට අමතරව අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී ඊයේ (10) සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, අද දිනයේත් සති අන්තයේත් පොලීසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]