රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 11-06-2021 | 12:43 PM

COLOMBO (News 1st) - ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත විය.

මිය යනවිට ඔහු 58 වැනි වියේ පසුවිය. පොලීසිය සඳහන් කළේ, අද(11) අලුයම වැල්ලවත්තේ පිහිටි නිවසකදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවට සැක පළ කරයි. රංගනයට මෙන්ම ගායනයට එක ලෙස දස්කම් පෑ සැන්ඩෝ හැරිස් මහතා ජනාදරයට පත් වූයේ ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙසය. සැන්ඩෝ හැරිස් මහතා, නිහාල් සිල්වා මහතාගේ අභාවයෙන් පසු, ඔහු රංගන දායකත්වය දුන් කලා නිර්මාණවලට සම්බන්ධ වූයේ අනුප්‍රාප්තිකයෙකු ලෙසය.