COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 101 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2011 ක් දක්වා ඉහළ ගියේ ය.
මෙලෙස තහවුරු කර ඇත්තේ, පෙබරවාරි 06 වනදා සිට ජුනි 09 වනදා දක්වා කාලය ඇතුළත සිදුවූ මරණ 101කි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ගෙවුණු දිනයේ (10) මෙරටින් කොවිඩ් මරණ වාර්තා වී නොමැත.
තහවුරු කරන ලද මරණ අතරින් 13 ක් සිදුව ඇත්තේ, පෙබරවාරි 06, අප්‍රේල් 01 , මැයි 15 සහ එදින සිට මැයි 29 දක්වා කාලයේ ය.
ඉතිරි මරණ 88 වාර්තා වී ඇත්තේ, ජුනි 01 සිට ජුනි 09 වනදා දක්වා වූ කාලය ඇතුළතයි.
එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..
පෙබරවාරි 06 – මරණ 01
අප්‍රේල් 01 – මරණ 01
මැයි 15 – මරණ 01
මැයි 16 – මරණ 01
මැයි 20 – මරණ 01
මැයි 21 – මරණ 01
මැයි 22 – මරණ 01
මැයි 26 – මරණ 01
මැයි 27 – මරණ 03
මැයි 29 – මරණ 02
ජුනි 01 – මරණ 02
ජුනි 02 – මරණ 02
ජුනි 03 – මරණ 07
ජුනි 04 – මරණ 04
ජුනි 05 – මරණ 04
ජුනි 06 – මරණ 27
ජුනි 07 – මරණ 27
ජුනි 08 – මරණ 13
ජුනි 09 – මරණ 02
තහවුරු කළ මරණකරුවන් අතරින් 53 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 48 දෙනා කාන්තාවන් ය.
මරණකරුවන් අතර අවුරුදු 20 ත් 29 ත් අතර වයසේ පසුවන එක් පුද්ගලයෙක් සිටී.
තහවරු කරන ලද මරණ අතරින් නිවසේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 ක් වන අතර තවත් 14 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල්ගත කරන අවස්ථාව වන විටයි.
ඉදිරි පුද්ගලයින් 57 දෙනා මියගොස් ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
