එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..

එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..

එක්දින සහ 20යි 20 තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ජූලි මාසයේදී මෙරටට..

කර්තෘ Staff writer

11 Jun, 2021 | 9:09 am

COLOMBO (News 1st) – එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන 28 වැනි දා මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්වීමට නියමිතය.

සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, තරග කාලසටහන මෙසේය.

🏏 එක්දින තරගාවලිය

01වන තරගය – ජූලි 13 (දිවා/රාත්‍රී)
02වන තරග⁣ය – ජූලි 16 (දිවා/රාත්‍රී)
03වන තරග⁣ය – ජූලි 18 (දිවා/රාත්‍රී)

🏏 පන්දුවාර 20යි 20 තරගාවලිය

01වන තරගය – ජූලි 21 (රාත්‍රී)
02වන තරගය – ජූලි 23 (රාත්‍රී)
03වන තරගය – ජූලි 25 (රාත්‍රී)

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]