COLOMBO (News 1st) - ආයෝජන සඳහා පහසුකම් සැලසීමට පිහිටුවා ඇති සෙලෙන්දිව ආයතනය හරහා නිෂ්චල දේපොළ සංවර්ධනය සඳහා නිෂ්චල දේපොළ 03ක් තෝරාගෙන තිබේ.
දේපොළ සංවර්ධන ආයෝජන කළඹ සෙලෙන්දිව යටතේ තෝරාගෙන ඇති එක් දේපොළක් වනුයේ බත්තරමුල්ලේ අක්කර 05ක භූමි භාගයක් ද අයත් වොටස්එජ් අවන්හලයි.
දැනට මෙහි අයිතිය නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතී.
නාගරික සංවර්ධන අධිකාරියට මෙය ද ඇතුළත් අක්කර 225ක් අයිතිය පැවරෙන්නේ 2008 වසරේ ඔක්තොම්බර් මස 8 වෙනි දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝගයකිනි.
අදාළ අක්කර 225 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධූරය දැරූ අවධියේදී පුද්ගලික හිමිකරුවන්ගෙන් රජයට පවරා ගන්නේ පොදු පහසුකම් සංවර්ධනය සඳහායි.
එසේ පවරාගත් අක්කර 225 රොනි පිරිස් නම් අයෙකුට ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා අවන්හලක් ඉදිකිරීමට ලබා දී තිබීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කෙරිණි.
අදාළ විභාගය අවසානයේදී අධිකරණය තීන්දු කළේ, ප්‍රශ්නගත අක්කර 225 නාගරි සංවර්ධන අධිකාරියට පවරා දීමටයි.
නඩුවේ පෙත්තසමෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රුපියල් මිලියන 3 ක ගාස්තුවක් රජයට ගෙවිය යුතු බවට ද අධිකරණය නියෝග කළේ ය.
එලෙස අධිකරණය විසින් පෞද්ගලික සන්තකයෙන් රජයට පවරා දුන් භූමිභාගයක පිහිටි වොටස්එජ් අවන්හල නැවත සෙලින්දිව හරහා පුද්ගලික අංශය වෙත පවරා දිය හැකි ද යන්න ප්‍රශ්නයකි.
සෙලෙන්දිව යටතට ගැනෙන අනෙක් නිෂ්චල දේපොළ වනුයේ කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථානය හා එම භූමියයි.
එම භූමිය යුද්ධය පැවති සමයේදී පවරාගේන අධිආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගේන ගිය එකකි.
මෙහි සිට ඉන්දියාව විසින් සංවර්ධනය කළ පලාලි ජාතයන්තර ගුවන්තොටුපොළේ සිට කිලෝ මීයර් 5 ක පමණ දුරක් ය.
වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාවේ සභාපති සොමසුන්දරන් සුකිධරන් මහතා,
මේකේ මේ පහුගිය කාලේ ඉදිකෙරුණේ ජනාධිපති මන්දිරයක් කියලා එකක්. අපේ බල ප්‍රදේශයේ තිබුණත් මේක පවරා ගන්නවාද, වෙනත් කටයුත්තකට යොදවා ගන්නවද අපිට තාම දැනුම් දීලා නෑ.