මුම්බායිහි නිවාස සංකීර්ණයක් කඩා වැටී 11ක් මරු⁣ට

මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11ක් මරු⁣ට

by Hashini De Mel 10-06-2021 | 1:06 PM

News 1st - ඉන්දියාවේ, මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එරට පොලීසිය සඳහන් කරන්නේ, 18 දෙනෙකු සුන්බුන් අතරින් සොයාගත් අතර ඉන් 7 දෙනෙකු පමණක් දිවි බේරාගෙන ඇති බවය. එරට බලධාරීන් ප්‍රකාශ කළේ, සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරා ගැනීමේ කටයුතු තවමත් සිදු කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති එරට අමාත්‍යවරයෙකු පැවසුවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් නිවාස සංකීර්ණය කඩා වැටෙන්නට ඇතැයි සැක පළ කරන බවය. ඉදිරි දින කිහිපය තුළ තද වැසි ඇද හැලෙන බැවින් ප්‍රදේශයේ අබලන් වූ ගොඩනැගිලි ඉවත් කර ඇති බව ද එරට බලධාරීන් පවසයි. මේ අතර ඉදිරි දින කිහිපය තුළ අධික වර්ෂාව හේතුවෙන් නගරයේ පහත් බිම් ගංවතුරට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත් එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.