by Staff writer 10-06-2021 | 8:10 PM
COLOMBO (NEWS1ST) මද්දකට හසුව මියගිය කොටියෙකුගේ සිරුරක් හැටන්, දික්ඔය වතුයායකින් සොයාගෙන තිබේ.
වනජීවි නිලධාරීන් පැවසුවේ, අවුරුදු 4 ක් පමණ වයසැති කොටියෙකු එලෙස මියගොස් ඇති බවයි.
ඒ පිළිබඳව හැටන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට භාර දෙන ලෙස නියෝග කර තිබේ.