අමෙරිකාවේ TikTok තහනම ඉවතට

ට්‍රම්ප් අමෙරිකාවට පැන වූ TikTok තහනම බයිඩ්න් ඉවත් කරයි..

by Staff writer 10-06-2021 | 5:48 PM

News 1st - අමෙරිකාවේ ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කරමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය, වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කරනු ලැබ තිබේ.

චීනයේ නිෂ්පාදිත ටික්ටොක් යෙදවුම භාවිතය ට්‍රම්ප් විසින් අවලංගු කරනු ලැබුවේ 2020 වසරේදීය. එම නීතිය, පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට ලක් විය. කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් අවාසි සහගත තීන්දු වෙනස් කිරීමට ජෝ බයිඩ්න් කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.