තවත් කොරෝනා මරණ 67 ක් තහවුරු කෙරේ

ගෙවුණු දිනයේ (9) කොරෝනා මරණ වාර්තා වී නැහැ… තහවුරු කළ මරණ ගණන 67 ක්

by Sagarika Chathumali 10-06-2021 | 9:29 AM
COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දිනයේ තවත් කොරෝනා මරණ 67 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1910 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ගෙවුණු දිනයේ (09) කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 17 වනදා සිට මැයි 31 දක්වා මරණ 19 ක් සහ ජුනි 01 සිට ජුනි 08 දක්වා මරණ 48ක් ලෙසයි. එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය.. මැයි 17 – මරණ 03 මැයි 19– මරණ 02 මැයි 20 – මරණ 03 මැයි 21 – මරණ 01 මැයි 22– මරණ 04 මැයි 23 – මරණ 01 මැයි 24 – මරණ 01 මැයි 26 – මරණ 01 මැයි 27 – මරණ 01 මැයි 31 – මරණ 02 ජුනි 01 – මරණ 02 ජුනි 02 – මරණ 05 ජුනි 03 – මරණ 05 ජුනි 04 – මරණ 05 ජුනි 05 – මරණ 10 ජුනි 06 – මරණ 09 ජුනි 07 – මරණ 08 ජුනි 08 – මරණ 04 තහවුරු කරන ලද එම මරණ 67 වාර්තා වී ඇත්තේ, කොළඹ - 15, වත්තල, වැල්ලම්පිටිය,අවිස්සාවේල්ල, මීගමුව, වාලච්චේන, කොළඹ -14, කොටහේන, දුලංකඩවල, මීගම, වැලිසර , බණ්ඩාරගම, ගාල්ල, පූජාපිටිය, ගම්පොළ, අබේපුස්ස, දෙණියාය, බොගවන්තලාව, පරකඩුව, දැඩිගමුව, වැල්ලවාලය, හෙම්මාතගම, ගනේමුල්ල, ගෝනවල, ඒකල, පරන්දන් , කරන්දෙණිය, මොරටුව, වාද්දූව, මඩපාත, අලුබෝමුල්ල, පිළියන්දල, මාතලේ, එරාවූර්, වත්තේගම, බලංගොඩ, කැලණිය, හෝමාගම, කටුනේරිය, ගම්පහ, පුස්සැල්ලාව, වෙලම්බඩ, කෙන්ගල්ල, කටුගස්තොට, මහනුවර, කොළඹ -07, නුවරඑළිය, ගලගෙදර, කළුතර කොළඹ- 10, අම්පාර, පස්සර, මාතර, මාරවිල, කළුතර දකුණ, දෙහිවල සහ ගින්තොට යන ප්‍රදේශවලිනි. තහවුරු කළ මරණකරුවන් අතරින් 43 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 24 දෙනා කාන්තාවන් ය. මරණකරුවන් අතර අවුරුදු 20ට අඩු එක් ආසාදිතයෙකු සිටින අතර අවුරුදු 20 ත් 29 ත් අතර වයසේ පසුවූ ආසාදතයෝ 2 දෙදෙනෙක් ද වෙති. තහවරු කරන ලද මරණ අතරින් නිවසේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් වන අතර තවත් 05 දෙනෙකු මිය ගොස් ඇත්තේ රෝහල්ගත කරන අවස්ථාව වන විටයි. ඉදිරි පුද්ගලයින් 56 දෙනා මියගොස් ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.