by Staff writer 10-06-2021 | 7:30 PM
COLOMBO (NEWS1ST) : ගිම්හාන සමයේ සංචාරවලින් වළකින්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුරෝපා රටවල පුරවැසියන්ට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම සංවිධානය පවසන්නේ, අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බවයි.
ගිම්හාන කාලයේ අසල්වැසි රටවල සංචාරය කරන්නේ නම්, එය වගකීම් සහගතව ඉටු කරන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හාන්ස් ක්ලූජ් දැනුම් දෙයි.
මේ වන විට යුරෝපයේ කොරෝනා ආසාදිතයින් සහ මරණ අනුපාතය පහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් කලාපීය රටවල් 53 න් 36 ක සීමා ලිහිල් කෙරිණ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානියා අනතුරු අඟවන්නේ වෙහෙසවී ලබාගත් ප්‍රතිඵලය විනාශ කිරීමෙන් වළකින ලෙසටයි.