.webp)
''කුමන්ත්‍රණයක් කරනවා නම්, කරන්න ඉන්නෙ මං, එහෙම කුමන්ත්‍රණයක් වෙන්නේ නෑ..''
මේ මේ දිනවල දේශපාලන කටයුතුවලින් තරමක් ඈත්ව විවේකයෙන් සිටින සමගි ජන බලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන්, මාධ්‍යවේදින් නැගු පැනයකට එතුමා ලබා දුන් පිළිතුරයි. ඊයේ (09) කොළඹදී මාධ්‍යවේදීන් සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදය පහතින්... ප්‍රශ්නය : - ඔබතුමාලාගේ පක්ෂෙ ඇතුලේ මත භේද තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු :- මොකද මම නම් පසුගිය මාස එකහමාරක් කාලය තුළ නිවාඩු අරන් හිටියේ අභ්‍යන්තරයේ එහෙම ලොකු අර්බුදයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැනැ. මං දන්න තරමින් නම් අර්බුදයක් නෑ. මට ඒ සම්බන්ධයෙන් සාධාරණව කියන්න පුළුවන්. ප්‍රශ්නය : - එහෙනම් ඇයි මොකද ඔබතුමන්ලාගේ කණ්ඩායම් රැස්වීම වගේ එකපාරට කැඳවලා නායකත්වය වෙනින් කෙනෙකුට යනවැයි කියලා පොඩි බයක් තියෙනවාද? මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු :- අනේ මන් දන්නෑ. එක කරපු මිනිහගෙන්මයි අහන්න තියෙන්නේ. මං නම් හිතන්නේ ඒක හරීම මොඩ වැඩක් කියලා. මොකද මගේ නායකයා සජිත් ප්‍රේමදාස අනවශ්‍ය දෙයක් ඇත්තටම අනවශ්‍ය බියක් අනවශ්‍ය කතාවක් මවන්න කාටද උවමනා වුණේ? කියන පිස්සුව පිළිබඳව හොයා බලන්න ඕනේ. ප්‍රශ්නය : - තාමත් කුමන්ත්‍රණයක් වෙයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? ඔබතුමාලාගේ පක්ෂය ඇතුලේ. මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු :- ''කුමන්ත්‍රණයක් කරන්න ඉන්නවා නම් ඉන්නේ මං එහෙම කුමන්ත්‍රණයක් වෙන්නේ නෑ..