by Staff writer 10-06-2021 | 2:27 PM
News 1st - පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 6,148 ක් වාර්තා වී තිබේ.
එරට දෛනික මරණ සංඛ්‍යාව 6,000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, එරට සමස්ත මරණ සංඛ්‍යාව 359,695 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි 91 ලක්ෂ 82,072 කි.
ආසාදිතයින් 93,896 ක් ඊයේ වාර්තා වී තිබුණි.
තවදුරටත් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ දිල්ලි, මහරාෂ්ට්‍ර, තමිල්නාඩු, කේරල සහ කර්නාටක ප්‍රාන්ත වලිනි.