.webp)
ලංකාවේ පහුගිය මාසය තුළ බී 1යි 1යි 7 කියන ප්‍රභේදය ආශ්‍රිතව ජාන විශ්ලේෂණ අනුක්‍රම පරීක්ෂණ තුළින් තහවුරු කළා අසූ දෙනෙක්ගේ මේ රෝගය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙලා තියෙනවා කියලා. මං හිතන්නේ ඒක මේ වනවිට කොළඹට අමතරව ත්‍රිකුණාමලය, මඩකලපුව ඒ වගේම හබරාදූව වගේ ප්‍රදේශවලින් ප්‍රධාන ලෙස වාර්තා වෙච්ච ප්‍රභේදය තමයි මේ ඇල්ෆා කියන ප්‍රභේදය බී එකයි එකයි හත කියන ප්‍රභේදය. එංගලන්තයෙන් තමයි ඒක පටන් ගත්තේ. ඊට අමතරව අපි එක පුද්ගලයෙක්ගේ වාර්තා කරා, ඉන්දියානු ප්‍රභේදය ඒ කියන්නේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිත පුද්ලයෙකුගේ ජෛව සාම්පලයකුත් අපි තහවුරු කරා. ඒ පුද්ගලයා ඇත්තටම මේ නිරෝධායනය වෙන කෙනෙක්. ඒ නිසා ලංකාව තුළ සාමාජයෙන් හම්බ වෙච්ච කෙනෙක් නෙවෙයි. ගිය මාසයෙත් මං හිතන්නේ ඒ වගේ පුද්ගලයෙක් වාර්තා කරා. මේ මාසයෙත් එවැනි පුද්ගලයෙක් වාර්තා වෙනවා. ඒ නිසා ඒ ගොල්ලන් වැඩි ආරක්ෂාව යටතේ ඉන්න කට්ටිය. ඒ නිසා ඒ තුළින් සමාජයට කිසිදු පැතිරීමක් ඇති වෙලා නැහැ. දිවයින පුරා බොහෝ විට ප්‍රමුඛත්වය ගෙන්නා මේ කොවිඩ් 19 රෝගයට හේතු වන සාස් කොමිටු වයිරස් එක, මේ ඇල්ෆා ප්‍රභේදය බී එකයි එකය හත කියන ප්‍රභේදය ආශ්‍රිතව තමයි පැතිරිලා යන්නේ. වෙනත් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා නෑ. ඒ කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රභේදය සම්පූර්ණයෙන්ම වගේ යටපත් කරගෙන ඇල්ෆා ප්‍රභේදය දැන් මතු වෙලා තියෙනවා. සයිනෝෆාම් කොවිඩ් එන්නත, ඊට පස්සේ ස්පුට්නික් ෆයිව් එන්නත ඒ වගේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට භාවිත වෙන කොවිෂීල්ඩ් එන්නත මේ එන්නත් තුනම මේ කියන මේ ඇල්ෆා ප්‍රභේදයට ඉතා හොඳින් වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිය ලබා දෙනවා.