රටවල් 100කට බෙදා හැරීම වෙනුවෙන් අමෙරිකාව ෆයිසර් මාත්‍රා මිලියන 500ක් මිලදී ගනී..

රටවල් 100කට බෙදා හැරීම වෙනුවෙන් අමෙරිකාව ෆයිසර් මාත්‍රා මිලියන 500ක් මිලදී ගනී..

රටවල් 100කට බෙදා හැරීම වෙනුවෙන් අමෙරිකාව ෆයිසර් මාත්‍රා මිලියන 500ක් මිලදී ගනී..

කර්තෘ Staff writer

10 Jun, 2021 | 11:13 am

News 1st – ලොව රටවල් 100කට බෙදා හැරීම සඳහා ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් මිලදී ගත් බව අමෙරිකාව පවසයි.

වසර 2ක් තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඉන්, එන්නත් මාත්‍රා මිලියන 200ක් මෙම වසර තුළ බෙදා හැරීමට සැලසුම් කර තිබේ.

දිළිඳු රටවල එන්නත්කරණ ක්‍රියාවලියට සහය වීම එහි අරමුණයි.

ලොව පුරා එන්නත්කරණ ක්‍රියාවලියට සහාය වීම සඳහා අමෙරිකාව සකස් කළ විධිමත් සැලසුම ඉදිරියේදී ප්‍රකාශ කරන බව ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ ය.

එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් යුරෝපා රටවල කොරෝනා මරණ වාර්තා වීම අවම අගයක් ගෙන ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් පැවසීය.

පසුගිය කාලයේ මරණ දහස් ගණනින් වාර්තා වූ රටවල මේ වනවිට වාර්තා වන්නේ, අවම මරණ අනුපාතයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]