පිලිප් සිහි කරමින් එඩින්බරෝ නමින් රෝස ප්‍රභේදයක්

පිලිප් සිහි කරමින් එඩින්බරෝ නමින් රෝස ප්‍රභේදයක්

by Staff writer 10-06-2021 | 4:02 PM

COLOMBO (NEWS1ST) :  එඩින්බරෝ ආදිපාද, අභාවප්‍රාප්ත පිලිප් කුමරු නමින් රෝස ප්‍රභේදයක් නම් කර තිබේ.

දෙවැනි එළිසබෙත් රැජිණ විසින් අදට යෙදෙන පිලිප් කුමරුගේ සිය වැනි ඡන්ම දිනය නිමිත්තෙන් මෙම රෝස ප්‍රභේදය නම් කර ඇත. පිලිප් කුමරු සිහි කරමින් රෝස පැහැති එම රෝස ප්‍රභේදය එඩින්බරෝ ලෙස නම් කර තිබේ. වින්සර් මාළිඟයේ ටෙරස් උද්‍යානයේ රෝපණය කර ඇති අදාළ රෝස පැළය කුමරුට ගෞරවයක් ලෙස ඔහු නමින් නම් කළ බව බකිංහැම් මාළිගය සඳහන් කළේ ය. පසුගිය අප්‍රේල් 9 වැනිදා පිලිප් කුමරු අභාවප්‍රාප්ත වන විට 99 වැනි වියෙහි පසුවිය.

වෙනත් ලිපි