by Staff writer 09-06-2021 | 8:37 PM
COLOMBO (NEWS1ST) : රුසියාවේ ස්පුට්නික් V එන්නත මෙරටදී නිපදවීම පිළිබඳව ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය හා රුසියාවේ ගැමීලියා ආයතනය මේ දිනවල සහයෝගිතා වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 7 වනදා දුරකතනය ඔස්සේ මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා සමග සාකච්ඡා කර තිබේ.
අමාත්‍ය ගුණවර්ධන මහතා මෙරට කොවිඩ් මර්දනය සඳහා රුසියාව ලබා දෙන සහයෝගය ද විදේශ අමාත්‍යවරයා බෙහෙවින් අගය කර ඇත.
ශ්‍රී ලංකාව හා රුසියාව අතර වෙළඳ ආර්ථික හා කාර්මික යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කීරිමටද මෙම දුරකථන සාකච්ඡාවේදී දෙපාර්ශවයම එකඟතාවයකට එළැඹ තිබේ.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.
මෙම එන්නත තොගය මෙරටට ලැබුණේ, රජය විසින් ඇණවුම් කරන ලද එන්නත් තොගයේ තවත් කොටසක් ලෙසයි.
රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව අමෙරිකන් ඩොලර් 15 බැගින් මිලදී ගන්නා සයිනෝෆාර්ම් එන්නත් මිලියන තුනක් මේ මාසය තුළදී ලැබීමට නියමිත අතර දැනටමත් ඉන් මිලියන දෙකක් ලැබී තිබේ.