ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තයට

ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි

by Staff writer 09-06-2021 | 1:46 PM

COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය.

තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි දා කාර්ඩිෆ්හිදී ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ලබන 29 වැනි දා ''චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී'' ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එක්දින තරග 3ක් ඊට ඇතුළත් වේ.