තවත් ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවතට

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවතට

by Staff writer 09-06-2021 | 10:15 PM

COLOMBO (NEWS1ST) :  එක් වරක් පමණක් භාවිතයට ගත හැකි තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කෙරනු ඇති. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කළේ, භාවිතයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත එම ප්ලාස්ටික් සහ පොලිතීන්වලට අදාළ කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ඇති. මීට පෙර තවත් පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග කිහිපයක් භාවිතයෙන් ඉවත් කෙරිණ.