ද.අප්‍රිකාවේ මවක් දරුවන් 10ක් බිහි කරයි

ගිනස් වාර්තාවක්: දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කරයි..

by Staff writer 09-06-2021 | 10:12 PM

News 1st - දකුණු අප්‍රිකානු මවක් දරුවන් 10 දෙනෙක් බිහි කර තිබේ.

එය සැලකෙන්නේ, වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාව ලෙසය. 37 හැවිරිදි තමාලා සිතොලේ බිහි කළ බිළිඳුන් අතුරින් තිදෙනෙක් දැරියන් ය. ඇය මීට පෙර ද නිව්න් දරු උපතකට උරුමකම් පෑවා ය. එම දැරියන් දැන් හය හැවිරිදි වියේ පසුවෙති. තමාලා සිතොලේට පෙර වැඩිම දරු උපත් සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් පෑවේ බිළිඳුන් 09 දෙනෙකු බිහි කළ මාලි රාජ්‍යයේ හලීමා සිසී නමැති කාන්තාවයි.