ගැබිනි මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් අද සිට

ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් දීම අද සිට ඇරඹේ..

by Staff writer 09-06-2021 | 8:58 AM

COLOMBO (News 1st) - ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද(09) ආරම්භ වේ.

ඒ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමිනි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බවය. කොරෝනා ආසාදනය වී පසුගිය සති කිහිපයේ ගර්භනී මව්වරුන් කිහිපදෙනෙකු මිය යාමත් සමග ඔවුන්ට එන්නත්කරණය සිදු කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.