එන්නත්කරණය පිළිබඳව වතුපිටිවල රෝහලේ අර්බුදයක්: ඇස්ට්‍රාසෙනෙකා මල්ලකුත් මතුවෙයි..

by Staff writer 09-06-2021 | 9:51 PM

COLOMBO (News 1st) - වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සමාජිකයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අද ගැටලුවක් ඇති විය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ, රෝහලේ ඉතිරිවී තිබූ ඇස්ට්‍රාසෙනෙකා වෑල් 22 තම පවුල්වල සමාජිකයින්ට ලබාදීමට රෝහල් බලධාරීන් එකඟ වී සිටි බවයි. ඒ අතරතුර ඊයේ(08) හදිසියේම එම එන්නත් තොගය රැගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කර තිබේ. නමුත් ඊට පළ වූ විරෝධයත් සමග අද(09) උදෑසන පවුලවල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට එකඟ වී ඇතත් එම එකඟතාව බලධාරීන් කඩකළ බවට සෞඛ්‍ය කාර්යය මණ්ඩලය චෝදනා කරයි. ඔවුන් චෝදනා කළේ, වතුපිටිවල රෝහල තුළ නාඳුනන පිරිස් සඳහා රහසිගතව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු පහුගිය දිනවල සිදු වූ බවයි. මේ අතර ඉවතදමා ඇති බවට කියන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා සහිත වෑල් කිහිපයක් රෝහල් කර්ය මණ්ඩලය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේ ය. පසුගිය දිනක ගාල්ල ප්‍රදේශයෙන් ද බස්නාහිර පළාතෙන් ගිය පිරිසකට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමේ සිදුවීමක් වාර්තා විය. සමස්ත ලංකා ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා,
නිවැරදි අධීක්ෂණය නොකළ නිසාම වෙච්ච ගැටලුවක් තියනවා මේ එන්නත් ප්‍රමාණය ඉතුරු වුණේ කොහොමද ඒ එන්නත් ප්‍රමාණය ඉතුරු වුණා නම් මේ ප්‍රදේශය ඇතුළතම තවදුරටත් ලබා දෙන්න අය නෙසිටියාද ඒ සියල්ල තිබියදී මේක මේ ආකාරයෙන් වෙනත් පිරිසක් අතට පත්වීම අපි ඇත්තටම සමස්ත ලංකා වෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට විරෝධය පළ කරනවා ඒක නොවිය යුතු දෙයක්
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
පළමුවෙනිම දේ තමයි එන්නත් යවපු කුප්පි සංඛ්‍යාවට සාපේක්ෂව ඊට වඩා වැඩිපුර එන්නත් ලබා දෙන්න අපට පුළුවන් වුණා බොහෝ එන්නත්වල අමතර එන්නතක් තිබුණ නිසා මේ ආකාරයට එන්නත් යම් ප්‍රමාණයක් ඉතුරුවෙන්න ඉඩ තියනවා. ඒ ඉතුරුවෙන එන්නත් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ඒවා ගෙන්වාගෙන තියනවා