ළමුන් 4500ක් යොදාගෙන ෆයිසර් සමාගමෙන් අධ්‍යයනයක්

අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම ගැන ෆයිසර් සමාගමෙන් අධ්‍යයනයක්

by Staff writer 09-06-2021 | 6:56 PM

News 1st - වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම පිළිබඳව ෆයිසර් සමාගම අධ්‍යයනයක් ආරම්භ කර තිබේ.

ඒ, අමෙරිකාව, ෆින්ලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤයේ ළමුන් 4500 ක් යොදා ගනිමිනි. අවුරුදු 5 ත් 11 ත් අතර ළමුන් යොදා ගනිමින් ස්ථාන 90 කදී ඊට අදාළ සායනික පරීක්ෂාව සිදු කෙරෙනු ඇති. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට ෆයිසර් එන්නත ලබාදීම සඳහා මේ වන විටත් හදිසි අනුමැතිය හිමි වී අවසන් ය. මේ අතර පැය 24 ක් තුළ ලොව පුරා කොරෝනා මරණ 10,219 ක් වාර්තා වී තිබෙ. එය, පසුගිය මාසවලට සාපේක්ෂව තරමක අඩුවීමකි. ඒ අතරින් මරණ 2,693 ක් වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන්. ඉන්දියාවෙන් ද මරණ 2,213 ක් වාර්තා වී ඇත.