''අපි දේශපාලන කුමන්ත්‍රණ කරන්නේ නෑ...'' - පාඨලී

''අපි දේශපාලන කුමන්ත්‍රණ කරන්නෙ නෑ...'' - පාඨලී චම්පික

by Staff writer 09-06-2021 | 9:52 PM

COLOMBO (NEWS1ST) :  අද පැවති මාධ්‍ය හමුවදී වත්මන් දේශාපාලනය සම්න්ධයෙන් මාධ්‍යවේදීහු පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළහ.

එහිදී මන්ත්‍රීවරයා වෙත යොමු වූ ප්‍රශ්න සහ මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරු පහතින්... මාධ්‍යවේදී ප්‍රශ්නය -:  සජිත් මහත්තයා වෙනුවෙන් එතුමාගේ නෙගිටිව් පැත්ත දියුණු කරන්න වෙනම වීඩියෝ කැම්පේන් යනවා. ඔබතුමාගේ ආයතනයෙන් මඩගහනවා කියන කතාව යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවතත් විපක්ෂය නායක පුටුවේ වාඩි කරවන්න ඔබතුමා උත්සාහයක යෙදෙනවා කියන කතාව යනවා මන්ත්‍රී පාඨලී චම්පික රණවක -: මූලික අසභ්‍ය මේවා පතුරවන්නේ මේ සම්බන්ධයෙන් පහුගිය කාලය පුරාම අපේ චරිත ඝාතනයට කැපවෙච්ච මොකද උතුරේ එල්ටීටීඊ සංවිධානයක් එක්ක ගනුදෙනු කරලා, ඒ ගනුදෙනු අපි හෙළිදරව් කිරීම නිසා ප්‍රකෝප වෙච්ච මාධ්‍ය ආයතනයක් දෙකක් විසින් තමයි මේ ප්‍රචාරණය ගෙනියන්නේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයෙන් පස්සේ විපක්ෂ නායක කරන්න ඕනේ කියලා තීරණය කරලා තියෙන වෙලාවේ මමයි යෝජනා කරලා ඒ ලිපිය අත්සන් කරලා එතුමාව විපක්ෂ නායක කළේ. ඒවායින් සැලෙන්නේ නෑ. අපිට කිසිම කෙනෙක්ට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ. අපි විවේචනයක් තියෙනවා නම්, කෙළින් කියනවා. ඒක අපි කියන තැනක් තියෙනවා. ඒ කියන තැනදී අපි කියනවා. අපි අවිනයකින් කිසිම ආණ්ඩුවක හැසිරිලා නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මන් දන්නෑ පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියලා. 2019 මං එතුමාට කතා කලාට පස්සෙ මම කතා කරලා නෑ. පාර්ලිමේන්තුවට එතුමා එනවනං එතුමාගේ කැමැත්ත මාධ්‍යවේදී ප්‍රශ්නය -: ඔබතුමා අමුතු හීන දකිනවා කියන කතාවක් මෙතන එනවා මන්ත්‍රී පාඨලී චම්පික රණවක -:  මම සිහින දකිනවා , මම සිහින දකිනවා මේ රටේ පවුල්වාදයට උරුම වෙලා තියෙන මේ දේශපාලන නිපුණතාවය හැකියාව තියෙන පරම්පරාවට උරුම කර ගැනීම සඳහා මම සිහින දකිනවා. එතෙන්දි පවුල් වාදයයි මේ රටේ තියෙන ගජමිතුරු වාදයයි දේශපාලන දාසභාවය මත දේශපාලනය කියන ඒකාධිකාරය බිඳ දැමීම සඳහා සමාජ පරිවර්තනය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඉහළ පුටුවට මේ රටේ පරම්පරාවම ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව. ඔන්න ඔය පරම්පරා ඒකාධිකාරය කැඩීම තමයි අපි මේ කරන්නේ. දරු මුණුපුරන්ටත් යන මේ ක්‍රමය නවත්තන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය -: සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉදලා ඔබතුමාට ඒක කරන්න පුළුවන් වෙයිද ? මන්ත්‍රී පාඨලී චම්පික රණවක -: අපි ඒ අවස්ථානුකූලව ඒ අවස්ථාවේදී තිබිච්ච හොඳම විකල්පය 2019 සජිත් ප්‍රේමදාස මහත්තයා, අපි ඒ හින්දා කටයුතු කළා. ඉදිරි අනාගතයේ දී සමගි ජන බලවේගය එතුමාගේ හැසිරීම අනිත් කාරණා විසින් ඉදිරි කාරණා අනාගතයේ තීරණය කරයි. මාධ්‍යවේදී ප්‍රශ්නය -: ඒ කියන්නේ ඊළඟ පාර වෙනසක් වෙන්නත් පුළුවන් ? මන්ත්‍රී පාඨලී චම්පික රණවක -: අපි දන්නෑනෙ ඒක මොකක්ද කියලා මට කියන්නත් බෑ වෙන කාටවත් කියන්න බෑ. මාධ්‍යවේදී ප්‍රශ්නය -: කොහොමහරි ඇතුලේ දෙකඩ වීමක් නෑනේ ? මන්ත්‍රී පාඨලී චම්පික රණවක -: නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ ඒක අර මාධ්‍යවල තියෙන...... මාධ්‍යවලින් පතුරුවන කතා නේ. ඕවගේ ඒවා මේ රටේ සිද්ධ වෙනවා. එහෙනම් තවත් නිවුස් එකක් ගියෙ ආණ්ඩු පක්ෂයේ දහනව දෙනෙක් කතා කරනවා විපක්ෂය එක්ක කියලා. තව ඔය පන්සල්වල සාකච්ඡා කරනවා කියන්නේ පක්ෂ හදන්න. ඔය වගේ ඒවා මාධ්‍යවල යනවා. මම එකක් කියන්නම් අපි දේශපාලන කුමන්ත්‍රණ කරන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් අපි අයින් වුණෙත් විවෘතව සමුළුවක් කියලා යෝජනාවලියක් ඉදිරිපත් කරලා. එම යෝජනාවලිය එතුමා ප්‍රතික්ෂේප කළා. ම එතුමා හමු වෙලා එතුමා එක්ක සාකච්ඡා කරලා තමයි අපි ඉවත් වුණේ. එහෙම නැතුව අපි කුමන්ත්‍රණ කරේ නැහැ. පස්සෙන් පිහියෙන් ඇන්නේ නෑ කෝපි බිව්වෙ නැහැ බොහොම විවෘතව කරේ. මෙතන අපි කටයුතු කරන්නෙත් විවෘතව. මාධ්‍යවේදී ප්‍රශ්නය -: ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහත්තයා මෙහෙයවන්න ඔබතුමා එක සිතින් වැඩ කරනවා කියන එක කතාව ද? මන්ත්‍රී පාඨලී චම්පික රණවක -: මෙහෙමයි ඉතින් ජනාධිපතිවරණය තාම නෑනේ ඒ ගිහින්ද ඕක කතා කරලා වැඩක් නෑනේ.