දින 02න් යළි අලුත් වූ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව

දින 02න් යළි අලුත් වූ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව

දින 02න් යළි අලුත් වූ මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව

කර්තෘ Staff writer

09 Jun, 2021 | 7:16 pm

News 1st – ඉතියෝපියාවේ, ලෙටීසන්බෙට් ගිඩී මීටර් 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමුවා ය.

නෙදර්ලන්තයේ පැවැති ධාවන තරගයකදී මිනිත්තු 29යි තත්පර 1යි දශම 0යි 3ක කාලයක් සටහන් කරමින් ඉතියෝපියාවේ ලෙටීසන්බෙට් ගිඩී මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

ඇය බිඳ දැමුවේ පසුගිය ඉරිදා දිනයේදී නෙදර්ලන්තයේ සිෆාන් හසාන් මිනිත්තු 29 යි තත්පර 6 යි දශම 8 යි 2 ක කාලයක් සටහන් කරමින් පිහිට වූ ලෝක වාර්තාවයි.

ඒ අනුව මීටර 10,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාව දින දෙකක් තුළ බිඳ වැටුණි.

මීටර 5,000 කාන්තා ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ද ඉතියෝපියාවේ ලෙටීසන්බෙට් ගිඩී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]