English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
09 Jun, 2021 | 11:44 am
එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 45 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 602 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 434 යි.
⭕ කුරුණෑගල දිස්ත්‍රික්කය – 270 යි
⭕ මඩකලපුව දිස්ත්‍රික්කය – 222 යි
⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 119 යි
⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 1199 යි
අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 210,661 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 30,559 කි.
මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 178,259 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තවත් කොරෝනා මරණ 54 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1843 ක් දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මැයි 10 වනදා සිට මැයි 31 දක්වා කොරෝනා මරණ 15 ක් ද, ජුනි 02 වනදා සිට ජුනි 07 වනදා දක්වා කොරෝනා මරණ 39 ක් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
එම මරණ වාර්තා වූ දිනයන් මෙසේ ය..
මැයි 10 – මරණ 01
මැයි 15 – මරණ 01
මැයි 19 – මරණ 02
මැයි 20 – මරණ 02
මැයි 21 – මරණ 01
මැයි 22 – මරණ 02
මැයි 23 – මරණ 01
මැයි 28 – මරණ 02
මැයි 29 – මරණ 01
මැයි 31 – මරණ 02
ජුනි 02 – මරණ 08
ජුනි 03 – මරණ 06
ජුනි 04 – මරණ 07
ජුනි 05 – මරණ 07
ජුනි 06 – මරණ 07
ජුනි 07 – මරණ 04
තහවුරු කළ මරණකරුවන් අතරින් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් ය.
තහවුරු කරන ලද එම මරණ 54 වාර්තා වී ඇත්තේ, කටාන, උඩුවෙළ, මාවනැල්ල, අරණායක, මාලිගාවත්ත, එරාවූර් 02, කඩවත, මොරටුව, අලුබෝමුල්ල, වාද්දූව, වලස්මුල්ල, කොළවැනිගම, කොළඹ -15, වතත්ල, ජා ඇල, බත්ගම්මුල්ල, තලාතුඔය, බදුල්ල, කිලිනොච්චිය, නිකවැරටිය, මරදන්කඩවල, මැදවච්චිය, අතුරුගිරිය, ඇල්පිටිය, කරන්දෙණිය, පෙරයනීලාවනයි, කන්තලේ, මාතලේ, රත්තොට, හොරම්පැල්ල, බටුගොඩ, වේයන්ගොඩ, මහනුවර, අකුරණ, උඩිස්පත්තුව, ලුණුවත්ත, තෝරපිටිය, මහියංගණය, රාගම, කොළඹ -13 , කඳාන, අවිස්සාවේල්ල, වතුපිටිවල, පන්නිපිටිය, වග සහ මාරවිල යන ප්‍රදේශවලිනි.
තහවුරු කළ කොවිඩ් මරණ අතරින් 06 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ, නිවෙස්වලදී වන අතර තවත් 2 දෙදෙනකු රෝහල්ගත කරන අවස්ථාව වනවිට මිය ගොස් ඇත.
ඉතිරි 46 දෙනා ම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
15 Aug, 2021 | 06:29 PM
18 Jun, 2021 | 08:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS