එන්නත් ගත් අය⁣ගේ ප්‍රතිදේහ නිපදවීම ගැන වාර්තාවක් ජ,පුර සරසවියෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි

එන්නත් ගත් අය⁣ගේ ප්‍රතිදේහ නිපදවීම ගැන වාර්තාවක් ජ,පුර සරසවියෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි

එන්නත් ගත් අය⁣ගේ ප්‍රතිදේහ නිපදවීම ගැන වාර්තාවක් ජ,පුර සරසවියෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලයි

කර්තෘ Staff writer

09 Jun, 2021 | 2:30 pm

COLOMBO (News 1st) – කොරෝනා මර්දන එන්නත් ලබා ගත් පුද්ගලයින්ගේ සිරුරේ ප්‍රතිදේහ නිපදවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට උපදෙස් දී තිබේ.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් එම වාර්තාව ලබා දීමට නියමිතය.

ප්‍රතිදේහ නිපදවීමට කොපමණ කාලයක් ගත වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම වාර්තාව සකස් කිරීමට නියමිතව තිබේ.

ඊට අමතරව එන්නත්කරණය තුළින් ප්‍රතිදේශ නිපදවීම සිදුවන ආකාරය සොයා බැලීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මේ වනවිට මෙරටදී කොරෝනා මර්දනය සඳහා ලබා දී ඇති සියලුම එන්නත් පිළිබඳ එම වාර්තාවෙන් තොරතුරු රැස් කිරීමට නියමිතය.

ඇස්ට්‍රාසෙනෙකා, සයිනෝෆාම් හා ස්පුට්නික් V යන එන්නත් මෙරට ජනතාවට ලබා දුන් එන්නත් වර්ග වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]