
ඇතැම් ස්ථානවලට තරමක තද වැසි: අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි උපදෙස්
ඇතැම් ස්ථානවලට තරමක තද වැසි: අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි උපදෙස්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සබරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 -60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්