විශ්‍රාම වැටප් ගෙවීමට 10 වැනිදා විශේෂ වැඩපිළිවෙළක්

විශ්‍රාම වැටුප් ගන්න යන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න යුද හමුදා සහය..

by Hashini De Mel 08-06-2021 | 8:29 PM

COLOMBO (News 1st) - මේ මාසයට අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ලබන 10 වැනි දා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අදාළ පාර්ශව එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය. ඒ අනුව ලබන 10 වැනිදා විශ්‍රාම වැටුප් ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යුද හමුදාව විසින් ප්‍රවාහන පහසුකම් සපයන බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.