යතුරුපැදිවලින් ගොස් රන්මාල කඩන දෙදෙනෙකු කොටු

යතුරුපැදිවලින් ගොස් රන්මාල කඩන කණ්ඩායමක දෙදෙනෙකු අත්අඩංගුවට

by Hashini De Mel 08-06-2021 | 2:11 PM

COLOMBO (News 1st) - යතුරුපැදිවලින් ගොස් රන්මාල කඩන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු කඩවත, එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (07) අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා 26 හා 28 හැවිරිදි වියේ පසුවේ ඔවුන් රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම සැකකරුවන් භාරයේ තිබී ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 04ක් ද සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.