නිරෝධායන රීතිවලට අනුව සැමවිටම කටයුතු කරන්න

නිරෝධායන නීති: ගෙවුණු පැය 24දී 1,028ක් අත්අඩංගුවට: ඩ්‍රෝන මෙහෙයුම්වලින් 22ක් කොටු..

by Hashini De Mel 08-06-2021 | 9:03 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,028 ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම අත්අඩංගුවට ගත් 1,028 දෙනාගෙන් පුද්ගලයින් 158ක් මාතලේ ප්‍රදේශයෙනුත්, 108ක් මහනුවර ප්‍රදේශයෙනුත්, 92ක් නිකවැරටිය ප්‍රදේශයෙනුත් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 25,886 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ඊයේ දෙමටගොඩදී සිදු කරන ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, නිරෝධායන රීතින්වලට අනුගතව සැමවිටම කටයුතු කරන ලෙසය.