නැවේ අනතුරෙන් වූ හානිය පිළිසකර කළ නොහැකියි

නැවේ අනතුරෙන් සිදු වූ විනාශය දශක ගණනකට පිළිසකර කළ නොහැකියි - විපක්ෂ නායක

by Staff writer 08-06-2021 | 8:17 PM

COLOMBO (News 1st) - අපේ රටේ සාගර සම්පතට සහ පරිසර පද්ධතියට විශාල හානියක් සිදු කරමින් පසුගිය දා ඇති වූ නෞකා අනතුරත් සමග සිදු වූ ව්‍යසනය දශක ගණනකට පිළිසකර කළ නොහැකි විනාශයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අදට යෙදී ඇති ලෝක සාගර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්ය. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, මෙම කුරිරු අපරාධයට වගකිවයුතු සියලු චූදිතයින්ට එරෙහිව අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුක්තව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවය.