COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාතේ පිරිසකට ගාල්ල ප්‍රදේශයේදී ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදුන් බවට නැගෙන චෝදනාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම එන්තත් ලබාදීම සිදුව ඇත්තේ ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදීයි.
මේ ම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා පැවසුවේ, එහි මාර්ගෝපදේශවලින් ඔබ්බට ගිය ක්‍රියාවලියක් සිදුව ඇත්නම්, විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ පිරිස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවුසවේ, සංචරණ සීමා ක්‍රියාත්මක වන පසුබිමක් තුළදී කොළඹ පිරිස් ගාල්ලට ගියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇති බවයි.
''අපටත් තියන බරපතළ ගැටලුවක් තමයි කොළඹ අය කොහොමද සංචරණ සීමා තියෙද්දි කොළඹින් පිට ගාල්ල ප්‍රදේශයට යන්නේ කියන එක ඒ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් විමර්ශයනයක් කරන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුදැනුම ඇතුව තමයි මේ දෙවල් සිද්ධවෙන්නේ''