by Staff writer 08-06-2021 | 8:58 PM
COLOMBO (NEWS1ST) : රට පුරා තෝරාගත් නගර 100 ක් සංවර්ධනය කිරීමට රජය සූදානම් වේ.
කැබිනට් මණ්ඩලය අනුමත කළ සියයක් නගර නමින් හැඳින්වෙන මෙම ව්‍යපෘතිය ත්‍රියාත්මක කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි.
අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මේ සතියේ අනුමැතිය ලැබී තිබේ.
අසංවිධිත සංවර්ධනය හේතුවෙන් මහජනයාට පීඩාකාරී නගර ලෙස පවතින බොහෝ නගර මේ ව්‍යපෘතිය මගින් ජනතාවට හිතකාමී ප්‍රසන්න නගර බවට පත්කිරීමට අපේක්ෂිතයි.
මේ අතර නාමල් රාජපක්ෂ හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ යටතේ රුපියල් මිලියන 100 ක අවම ආයෝජනයක් සිදුකරන සහ රැකියා අවස්ථා 50 ක් උත්පාදනය කරන කර්මාණ්ත හෝ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වීම් ලබාදීමට යෝජිතයි.
මේ අතර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළේ ය.
ප්‍රශ්නය : -
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කාර්යභාරය ගැන මේ දිනවල කාගෙත් කතාබහට ලක්වනවා.ඔහු මේ දිනවල ඉතාමත් සක්‍රීය විදිහට කටයුතු කරන ආකාරය පේනවා, ජනතාව දැන් අහන්නේ 2022 මැතිවරණයට කලින් ඔහු මීළඟ අගමැතිවරයා වෙයිද කියලා? ඒ ගැන ඔබතුමා කියන්නේ මොකද්ද?
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.
''මම හිතන්නේ මේවා දේශපාලනයේ තියන සැක සහිත දේවල්. දැනට පැතිරෙමින් පවතින කතා දිහා අපි බැලුවොත් මේ වගේ හෙට තව නමක් ගැන කතා කරන්න පුළුවන්. මම නම් වශයෙන් කියන්න ඕනා නෑ ඒවා. මාධ්‍යවේදියෙක් විදිහට ඔබ ඒවා දිහා බරපතළ විදිහට බලන්න එපා. ඒවා රට පුරා පැතිරෙන කතා විතරයි. මෙහෙ විතරක් නෙමෙයි ලෝකේ පුරාම කටකතා පැතිරෙනවා. ඒ හින්දා මේ දේවල් නිශ්චිතව තහවුරු වෙනකන් අපි ඒ ගැන වැඩිය හිතන්න හොඳ නැහැ. සමහරවලොවය මේවා චෝදනා විතරයි''