1 ශ්‍රේණියට ඇතුළත් කිරීම: මැතිවරණ කොමි. උපදෙසක්

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

by Staff writer 08-06-2021 | 5:36 PM

COLOMBO (News 1st) - ලබන වසරට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2016 , 2017, 2018, 2019 සහ 2020 යන වසරවල ඡන්ද හිමි නාමලේඛන තොරතුරු තමන් ලියාපදිංචි වී සිටින ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී හමු වී ලබාගත හැකිය. මීට අමතරව www.elections.gov.lk යන මැතිවරණ කොමිසන් සභා වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද එම තොරතුරු ලබාගත හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. එම තොරතුරු ග්‍රාම නිලධාරී හෝ වෙනත් නිලධාරියෙකු සහතික කිරීම අවශ්‍ය නොවන බව ද මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් ය. රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ අයැදුම්පත සම්පූර්ණ කිරීමට ඡන්ද හිමි නාමලේඛන උපුටන නිකුත් නොකරන හෙයින් ඒ සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යාම අනවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.