COLOMBO (NEWS1ST) : සෙලෙන්දිවා ආයෝජන සමාගම පිළිබඳව නිව්ස්ෆස්ට් ඔස්සේ, පසුගිය දින කිහිපයේම සාකච්ඡා කෙරිණ.
අද ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ඇමතූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මේ හරහා ක්‍රියාත්මක වන අනාගත සැලසුම් මෙලෙස අනාවරණය කළේ ය.
''මේ අවස්ථාවේදී අපගේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමේදී සෙලෙන්දිවා ආයෝජන සමාගම පිළිබඳව කථාකළ යුතුයි. එය 100% ක් රජය සතු සමාගමක්. එය රජයේ ආයෝජන හස්ථය ලෙස කටයුතු කරනවා. ඒ මගින් කරන්නේ ඌන උපයෝජිත දේපොළ විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිව්‍යුහගත කරලා ප්‍රාග්ධනය උපයා ගැනීමයි. සෙලෙන්දිවා මගින් ආරම්භ ක එක් එස්පීවී සමාගමක් සෙලෙන්දිවා ලෙෂර් නමින් නම් කරලා තියෙනවා. එයට අයත් වෙන්නේ ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හා හිල්ටන් යන හෝටල්.මේ මාසයේ අවසානය වනවිට කොළඹ කොටස් වෙළඳපොලේ එය ලැයිස්තුගත කිරීමට බලාපොරොත්තු වනවා.''
මෙම හෝටල්වලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යන ජනරජ ගොඩ නැගිල්ල ඇතුළු තවත් වටිනා දේපොළ රැසක්ම ආයෝජන ව්‍යපෘතිවලට ලබාදීමට යෝජනාවී තිබේ.