by Staff writer 07-06-2021 | 10:01 PM
COLOMBO (News 1st) - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ විශ්වාසය පළ කරන යෝජනාවක් අද රැස්වූ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සම්මත කරගෙන තිබේ.
එම පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, පක්ෂය තුළත් හවුල්කාර පාර්ශ්ව අතරත් අර්බුද ඇතැයි පතුරන ව්‍යාජ තොරතුරු හෙළා දැකීමට ද මෙහිදී තීරණය කළ බවයි.
ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන්ගේ සමයෝජනාවක් ලෙස එය ඉදිරිපත්ව ඇත.
සමගි ජන බලවේගය නිවේදනය කළේ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න සහ අශෝක් අබේසිංහ යන මනත්‍රීවරුන් යෝජනාව ස්ථිර කළ බවය.
සියලු මන්ත්‍රීවරුන් එය ඒකමතිකව අනුමත කර තිබේ.