යාල යන ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද මෙරටට

යාල යන ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද කොළඹ වරායට

by Staff writer 07-06-2021 | 9:49 AM

COLOMBO (News 1st) -  ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් 750 දෙනෙකු රැගත් නෞකා දෙකක් අද(07) කොළඹ වරායට පැමිණීමට නියමිතය.

ඒ, ප්‍රංශ රජය ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමකට අනුවයි. ලබන 11 වැනි දා දක්වා ඔවුන් දිවයිනේ රැඳී සිටීමට නියමිත ය. එම කාලය තුළ ප්‍රංශ නාවික හමුදා සමාජිකයින් ජෛව බුබුල සංකල්පය යටතේ යාල ජාතික වන උද්‍යානය ඇතුළු ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත වේ. ඔවුන් හෙට(08) යාල වනෝද්‍යානයේ සංචාරය කිරීමට නියමිතව තිබේ. එම නාවිකයින්ගේ සංචාරක කටයුතු සියල්ල සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවනු ඇති.