පකිස්ථානයේ දුම්රිය 02ක් ගැටීමෙන් 36ක් මරුට..

පකිස්ථානයේ දුම්රිය 02ක් ගැටීමෙන් පුද්ගලයින් 36ක් මරුට

by Chathuranga Rajapaksha 07-06-2021 | 4:49 PM

COLOMBO (News 1st): පකිස්ථානයේ දකුණු ප්‍රදේශයේ මගී දුම්රිය 02ක් ගැටීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව බී.බී.සී. පුවත් සේවය පවසයි.

බලධාරීන් පැවසුවේ සින්ද් පළාතේ ගමන් කළ එක් දුම්රියක් පීලි පැන එහි මැදිරි ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගයට වැටී ඇති බවය. අනතුරුව එම මාර්ගයේ පැමිණි දුම්රියක් මෙම මැදිරිවල ගැටීමෙන් අනතුර සිදුව තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බේරා ගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් අසල පිහිටි රෝහල් වෙත ගෙන ගිය අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවට තොරතුරු වාර්තා වේ. දුම්රිය මැදිරි තුළ සිරවී සිටින මගීන් ගණන තවමත් අනාවරණය කළ නොහැකි බව එරට බලධාරීන් පවසයි. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ මෙම අනතුරෙන් තමා කම්පනයට පත්ව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවය. මේ අතර පකිස්ථානයේ පසුගිය වසර කිහිපය තුළ මාරාන්තික දුම්රිය අනතුරු මාලාවක් සිදුව තිබේ. 2013 සිට 2019 දක්වා කාලය තුළ මෙවැනි දුම්රිය අනතුරු වලින් පුද්ගලයින් 150 ක් පමණ මියගොස් ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරන බව විදෙස් මාධ්‍ය පවසයි. [caption id="attachment_397495" align="alignnone" width="780"] [/caption] [caption id="attachment_397497" align="alignnone" width="780"] [/caption]