නැවෙන් වූ හානියට වන්දි ගන්නේ කෙසේද?

ගිනිගත් නැවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගන්නේ කෙසේ ද?

by Staff writer 07-06-2021 | 9:57 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සහ බලපෑම සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළිබඳ විශේෂ රැස්වීමක් අද(07) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණේ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ ද සහභාගිත්වයෙනි.

නාවික හමුදාව, වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙළෙඳ හා නාවික ලේකම් කාර්යාලය ඇතුළු පාර්ශ්ව කිහිපයක නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියහ.