
පළාත් කිහිපයකට අදත් වැසි: දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
පළාත් කිහිපයකට අදත් වැසි: දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද(07) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
මේ අතර ගෙවුණු දින කිහිපයේ ලැබුණු වර්ෂාවත් සමග කැලණි, කළු ගංගා මෙන්ම අත්තනගලු ඔයේ හටගත් ගංවතුර මට්ටම ක්‍රමයෙන් පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ එස්.පී.සී. සූගිෂ්වර මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර අධික වැසි සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත.
එම දිස්ත්‍රික්ක වන්නේ, ගම්පහ, රත්නපුර, කොළඹ, පුත්තලම, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ලයි.
පවුල් 67,564 ක පුද්ගලයින් 270,912 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇත.
පුද්ගලයින් 26,846 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
- පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
- වසර 66කට පසු එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදනය පහතට
- 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුම් දීමක්..
- මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..
- අද (27) මධ්‍යම රාත්‍රී සිට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය