නිරෝධායන නීතිවලට යටත්ව සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

නිරෝධායන නීතිවලට යටත්ව සියලු බැංකු විවෘතව තබන්න – බැංකු ප්‍රධානීන්ට මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

කර්තෘ Staff writer

07 Jun, 2021 | 6:39 pm

COLOMBO (News 1st): මෙරට වාණිජ බැංකු සහ බලපත්‍ර ලාභී බැංකු නිරෝධායන නීතිවලට යටත්ව ගනුදෙනුකරුවන් සඳහා විවෘතව තබන ලෙස මහ බැංකුව අදාළ බැංකු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

එහි දැක්වෙන්නේ, අදාළ බැංකු විවෘත තැබීම සඳහා අවසරය සහ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් මහ බැංකුව විසින් ලබාගත් බවයි.

ඒ අනුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී බැංකු සිය පාරිභෝගික ජනතාවගේ බැංකු සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු වේ.

ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමට හා තැන්පත් කිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර අත්‍යවශ්‍ය කටයුතු විමසීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද බැංකු විසින් ලබාදිය යුතුයි.

ඩිජිටල් බැංකු සේවා ද ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මහ බැංකුව, මූල්‍ය කටයුතු, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කෂණ, විශ්‍රාම වැටුප් හා වැටුප් ගෙවීම් සහ විශේෂ මූල්‍ය සේවා පහසුකම් සඳහා අදාළ වාණිජ සහ බලපත්‍ර ලාභී බැංකු කටයුතු කිරීමේ අවශ්‍යතාව අදාළ චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබේ.

මේ අතර මෙරට ප්‍රධානපෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල දක්වා තිබුණේ,  අද දිනයේ සිට සතියක කාලයක් ගනුදෙනුකරුවන්ට බැංකු විවෘත නොවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]