
නව කැලණි පාලමේ සිට අතුරුගිරියට යන කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..
නව කැලණි පාලමේ සිට අතුරුගිරියට යන කුළුණු මත අධිවේගයේ ඉදිකිරීම් අද ඇරඹේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ වේ.
එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිට සූම් තාක්ෂණය ඔස්සේය.
ඊට සමගාමීව කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ද අද ආරම්භ වේ.
මේ යටතේ කොහුවල මංසන්දිය, ගැටඹේ මංසන්ධිය, කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවත සහ උත්තරානන්ද මාවත ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤ වීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකෙරෙනු ඇති.
ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝමීටර් 16.4 කින් යුතු නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත අධිවේගී මාර්ගය මංතීරු 04 කින් සමන්විතය.
ඒ සඳහා වැය වන මුදල රුපියල් බිලියන 134.9 කි.
එම මාර්ගයේ ඉදිකිරීම් චයිනා හාබර් ඉංජිනේරු සමාගම මගින් සිදු කෙරේ.
මේ අතර හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම මීටර් 217. 30 ක් දිගින් යුක්තයි.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2648 කි.
හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකෙරෙන ගැටඹේ ගුවන් පාලම මීටර් 396.70 දිගින් යුක්තය.
ඒ සඳහා වැය වන මුළු වියදම රුපියල් මිලියන 9451 ක් වන අතර ව්‍යාපෘතිය මාස 28 කින් සාදා නිම කිරීමට අපේක්ෂිතය.
විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම මීටර් 207ක් දිගින් යුක්ත වේ.
උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන් පාලමේ දිග මීටර් 396 කි.
එම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන් පාලමේ දිග මීටර 310 ක් වන අතර පළල මීටර 6.9 කි.
මාස 12ක කාලයක් ඇතුළත එම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිත අතර එහි ඉදිකිරීම් මාගා ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.
කොම්පඤ්ඤ වීදිය දුම්රිය මාර්ගය සහ බේරේ වැව මතින් බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන් පාලම ද මාස 12ක කාලයක් ඇතුළත සාදා නිම කිරීමට අපේක්ෂිතය.
ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2730 කි.
එහි ඉදිකිරීම් ඇක්සස් ඉංජිනේරු සමාගම විසින් සිදු කරනු ලැබේ.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි