තවත් ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක්

තවත් ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩ ගසයි..

by Chathuranga Rajapaksha 07-06-2021 | 10:28 AM

COLOMBO (News 1st): වාද්දුව, තල්පිටිය මුහුදු වෙරළට තවත් ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.

මේ අතර මියගිය කැස්බෑවන් 7 දෙනෙකුගේ හා ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරු මෙරට ප්‍රදේශ කිහිපයක වෙරළ තීරවලට ඊයේ(06) දිනයේද ගොඩ ගසා තිබුණි. ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්ගෙන් මෙම කැස්බෑ සිරුරු සහ ඩොල්ෆින් සත්ත්වයාගේ සිරුරු ඊයේ හමුවිය. මෙලෙස කැස්බෑවන් සහ ඩොල්ෆින් සත්ත්වයෙන් මිය යාමට හේතුව ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ රසායනික ද්‍රව්‍ය ද නිසාද යන්න පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වනු ලැබේ.